ශ්‍රී ලංකා තරගාවලියට ද. අප්‍රිකා කණ්ඩායම් නම් කරයි


එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 යි 20 තරඟ තුනක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත දකුණු අප්‍රිකානු එක්දින හා විස්සයි සංචිතයන් නම් කර තිබේ.

පෞද්ගලික හේතූන් මත ලුංගි න්ගිඩිට එක්දින තරඟාවලිය අහිමි වන අතර ක්වින්ටන් ඩි කොක්ද එක්දින තරගාවලියෙන් විවේක ගන්වා තිබේ. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා විස්සයි20 කණ්ඩායමට නම්කර තිබේ.

ආබාධයකට ලක්වූ ඩේවිඩ් මිලර්ටද එක්දින තරගාවලිය අහිමිව ඇති අතර විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

මුලින්ම එක්දින සංචිතයේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණීට නියමිත අතර පසුව විස්සයි20 ක්‍රීඩකයන් පැමිණෙයි.

ටෙම්බා බවුමා කණ්ඩායම් දෙකේම නායකත්වයට පත්කර තිබේ.

එක්දින සංචිතය

ටෙම්බා බවුමා (නායක)  ජූනියර දාලා, බී. හෙන්ඩ්‍රික්ස්, ආර්. හෙන්ඩ්‍රික්ස්, හෙන්රිච් ක්ලසෙන්), ජෝර්ජ් ලින්ඩේ, ජැනමන් මාලන්, කේෂව් මහරාජ්, ඒඩන් මාක්‍රම්,, වියන් මෝල්ඩර්, ඇන්රිච් නෝර්ට්ජේ,  ඇන්ඩ්ලේ ෆෙහ්ලුක්වායෝ, ඩ්වේන් ප්‍රෙට්‍රියස්, කගිසෝ රබාඩා,  ටබ්‍රයිස් ෂම්සි, රාසී වෑන් ඩර් ඩසන්,  කයිල් වෙරීන්, ලීසාඩ් විලියම්ස්

විස්සයි20 සංචිතය

ටෙම්බා බවුම (නායක) , ක්වින්ටන් ද කොක්, ජෝර්න් ෆෝටුයින්, බියුරාන් හෙන්ඩ්‍රික්ස්, රීසා හෙන්ඩ්‍රික්ස් , හෙන්රිච් ක්ලාසෙන්, ජෝර්ජ් ලින්ඩේ,කේෂව් මහරාජ්,  සිසඳ මාගල, ඒඩන් මාක්‍රම්,  ඩේවිඩ් මිලර්, වියන් මෝල්ඩර්,  ලුන්ගි එංගිඩි, ඇන්රිච් නෝර්ට්ජේ,  ඩ්වේන් ප්‍රිටෝරියස්, කගිසෝ රබාඩා, , තබ්රායිස් ෂම්සි, රාසී වෑන් ඩර් ඩුසන්, ලීසාඩ් මල්ටිප්ම් මෝමන්ට්



Recommended Articles